රූ_று_Ru

ආයුබෝවන්_நல்வரவு_welcome

" නාලිනී එන්න මල් පිපීදැයි බලන්න..."

‎.
" නාලිනී එන්න
මල් පිපීදැයි බලන්න..."
.
පැන්සලෙන් ලියූ
මගේ කෙටි පණිවුඩය
නොලැබීද නුඹ නෙතට...
.
පැයෙන් පැය ගෙවෙන තුරු
රැයෙන් රැයෙන් මියෙන තුරු
සිතු - නෙතු වෙහෙස කළෙමි
ඇහිපිල්ලමකු දු නොහෙලා
ඔබ දකිනු රිසියෙන්...
.
හිරු මියැදුණි
මල් පෙති විසිරිණි
සුවඳ වියැකුණි
යුගැස බොඳ වුණි
.
මලින් සරසන්නට හුන්
රන් දෙවොල ද
හිස මතම ඇද හැලුණි...
.
ඉදින්
ආපසු හැරෙමි
මෙහි නොසිට,
කෙටි පණිවුඩයක් පමණක් තබමි
නුඹ ඇස ගැසෙනු පිණිස
.
.
"නාලිනී
එන්න එපා
මල් පිපී නැහැ..."

0 comments:

Post a Comment