රූ_று_Ru

ආයුබෝවන්_நல்வரவு_welcome

වැහි බිඳුවක්,,ආදරය කලා

වැහි බිඳුවක්,,ආදරය කලා
ගොඩක් කල් ඉඳන්
වළාකුලකට තුරුලු වී හිඳ
පහතින් පේන දිය බිඳකට,,

දවසක්දා..වළාකුලට ඇන තියගෙන
බොහෝ වේලාවක් කල්පනා කරපු වැහිබිඳුව
එදා උදේම පායපු
පළවෙනි දෙදුන්න දිගේ ලිස්සල පොලොවට ආව
පහලින් පෙනුනු දිය බිඳුව හොයාගෙන,,

ඇවිල්ල බැලුවමලු දැක්කෙ දිය බිඳුවක් වගේ පෙනුනට,,
ඒක වැහි බිඳු ගොඩක් එකතු වෙලා හැදුනු මහ විශාල වැවක් කියල,,,,,,,

0 comments:

Post a Comment