දුර ඈතක වැජඹෙන සේ මහා කඳු
ගල් කර හිත සඟවා මගෙ කඳුළු බිඳු
පෙම් බර හද ලේ දහඩිය වලින් වැදූ
අතහැරියෙමි පියඹා දුර යන්න සුදූ
ආදරයක ලකුණක් වත් නොතිබු දිනේ
සාගරයක සෙනෙහස ඔබෙ හදින් දැනේ
මාවට උන් ලෝකය මා මැරෙන දිනේ
මා වෙනුවට හඬනව සිහිනනුත් පෙනේ
ටජ් මහලක් බඳවා ඔබ පුද දෙන්න
නැත වස්තුව හිත ඇත ඔබ හට දුන්න
සෙනෙහස ලඟ තියලා මගෙ දුක් ගොන්න
මා අත හැර සුවදෙන ලෝකෙට යන්න
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment