රූ_று_Ru

ආයුබෝවන්_நல்வரவு_welcome

කළු වළාවට තුරුළු වී සඳ

‎*********************
කළු වළාවට තුරුළු වී සඳ
බලාගත් අත බලන් ඉනු කිම
හිරුට බැඳි පෙම හිතේ තද කර
ඉකි ගසා දුක් ගී ගයනවද

දෙකම්මුල් තෙත් කරන් වැගිරෙන
කඳුළු පිස දා නෙත් වසාගෙන
පහළ විල වෙත පැන්න පුන් සඳ
හිරුට නොකියම දිවි නසාගෙන

විලේ පතුලට කිඳා බැස ගිය
සඳේ සේයා සොයනු කෙළෙසක
දෙ අත් හිස් වූ කළු වළාකුල
රැයේ ඉකි බිඳ හඬනු ඵල නැත

0 comments:

Post a Comment