රූ_று_Ru

ආයුබෝවන්_நல்வரவு_welcome

පුරහඳ හා කුමුදු


පුරපස සඳ තරහා වෙලා
ම හද කුමුදු මලත් එක්ක
හිනා පොදක් දෙන්නෙ නැහැනෙ
මල් මිනි විකසිත කරන්න

තරු දහසක් මට ඉඟි දෙයි
කුමුදු මලට පණ පොවන්න
නමුදු කුමුදු පුබුදු වන්ට
තරු දවසක එළිය ඇත්ද

නෙක තරු කැට එක් වූවත්
බැහැ පුර හඳ පරදවන්න
එහෙයින් මම පෙරුම් පුරමි
එ සඳ එලිය මැද පිපෙන්න.........

0 comments:

Post a Comment