රෝස කටුවට ලය තබා
මියෙන තුරු හද තුල ඔබා
වේදනා අපමන ලබා
ගී ගයයි ඇය පසු නොබා
රතු රෝස මල පිපීයන්
කෙවිලියගෙ ජීවය අරන්
පෙති වලට රත් පැහැ ගනින්
ඇගේ ලය උනු රුධිරයෙන්
මෝඩ පෙම්වතියකට දෙන්නට
කෝඩු පිස්සෙකු හට පුදන්නට
කෙවිලි ජීවය පිදූ මලකට
මිය යන්න විය රෝදයක් යට
කෙවිලිය සහ රෝස මල පරිවර්ථන කෘතිය ඇසුරිනි
පරිවර්ථන කෘතිය -බොරලැස්ගමුව :කේ. ඒ. පුෂ්පරානි වික්රමරත්න
වයිල්ඩ්, ඔස්කා කෘතියකි
Lakmini Madhavi
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment