( උපුටා ගැනීම බුද්ධිකා කුමුදුමලී ද සිල්වාගේ 'අසංඛ්‍ය සිහිනය' කාව්‍ය සංග්රහයෙනි )
- මාරයා සහ මෙහෙණිය -
මලක් මෙනි දුනුකේ
පැහැය ඔබගේ අගනේ
තුරුණු ළය මඩලේ
තිසරු සිරවී හිඳී දුක සේ
යව්වනය සොඳුරුයි
වසන්තය ඊට නුදුරුයි
දකුණු මද සුළඟින්
සිතත් කැළඹේ තදිනී
මේ සොඳුරු වනයේ
අප පමණි ඉන්නේ
කෑල මල් පලසේ
එන්න සැතපෙමු රහසේ
පවිටු මාරයා සොඳිනා
තාව හඳුනා ගතිමි ඉඳුරා
තගේ මායම් දැලිනා
තවත් නොබැඳෙමි ඉතිනා
තා කියන අභිරමණය
මට නොවේ අති රමණිය
අසූචියෙන් පිරවුණ
කොතලයකි මේ කය
හරවලා කණපිට
ඉන්ට හැකිවෙද මොහොතක
බලුකපුටුමැසි කැල
කඩකඩා යාවි ලේ මස
නසා භව තණ්හා
සිඳ රාග ආසා
නිවී සැනසී නොඇලී
සොඳුරු නිවනේ හිඳිමී
Subscribe to:
Post Comments (Atom)
1 comments:
ලස්සනයි!
Post a Comment