වීරයෙකුගේ
මිටමෙලවූ ශක්තිමත් අතක් බඳු
පොල් ලීය
වහලෙට අත තබාගෙන
සෙවන ඔසවාගෙන.
දිදී පොල් ගෙඩි
ගේ ළඟ හැදුණු වැඩුණු
කප්රුක මරා
ඔබ පැහැර ගතිමි.
සැර වෑයෙන්
ඔබේ ඇඟමස රැහැ රැහැ
හැඩ කරන්නට දඬුවම් කළෙමි.
එහෙත් අමනාප නොවී
ගෙදර කිසිවෙකු සමග
සදා වහලය ඔසවනා ඔබ
කියන් කවර උතුමෙක්ද
Samitha B. Atuwabendela
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment