හිස වටා විදුලි තරු
මරගනන් සේ නටනකොට නොනැවතී
හරී වෙහෙසයි ආනන්ද.
පය පාමුල පින් කැටේ
සර්පයින් දරන ලා සිටියි ආනන්ද.
පිපාසයි ආනන්ද.
තෙහෙට්ටුයි ආනන්ද.
මතකද
මහා කළුගලක් පෙරළුවා වුව
බුදු හිමියන්
පිරිනිවන් පෑවේ නම් නැත.
ආනන්ද
මීට පෙර අසා තිබේද නුඹ
විදුලි සැර වැදී
පිරිනිවන් පෑ බුදු කෙනෙක් ගැන
Samitha B. Atuwabendela
0 comments:
Post a Comment