රූ_று_Ru

ආයුබෝවන්_நல்வரவு_welcome

- ස්වයන්වරය -

පැමිණේ සිතුවිලි
අචිරවතිය උතුරුවාන.
කඩාන යයි
එක එක බැමි
පොළොව සමතලා කරගෙන.

කිඹුල්වත් පුර
ශාක්‍යයන් මැද
මම තනි ගස !

දුන්න හීතලය
ඔසවා ගත නොහැකිය
කෙට්ටුය
මජන් කමිසයෙන් වැක්කෙරෙන අත.
ඉතින් ලොරි බොඩියක් පේන්ට් කර
ශිල්ප දක්වමි
නෑයන් ඉදිරිපිට !

රම්‍ය සුරම්‍ය සුබ
මට මේ ගරාජය
කාල තුනට වෙනසක් නැති.
හෙවන දෙන ඉටි රෙද්ද
සල් ගස්ය
දහවල ගිනිගන්න වෙලාවට.

සුදු ඇඳගෙන
බොරු නොකියමි
ස්වයන්වරය දින
'මට හිමි රටක් නැත
ඔබට බැඳි පෙම මිස !



Samitha B. Atuwabendela

0 comments:

Post a Comment