පුන්සද
මම දිටිමි
නුඹේ කළු පැල්ලම
අපේ සමහරු
රැවටිලා ඇත තවම
අහිංසක හාවෙකුය
කියා නුඹ මත..
මම බලන් ඉන්නෑ
තවත් පෙරමෙන්
කිරිත් පැණිත්
ගෙනඑන තෙක් උඹ..
වටහාගතිමි ජීවිතය
අනියතයි උඹ මෙන්ම
ඒ නිසා නේද
පසළොස්වක සේම
අමාවක..
Eranga Hemajith
දැන් අප දුරයි
එක සිතින් කලෙමි
පිව්තුරු ආදරේ
ඇයි ඔබ හැගිම් ගැන
හිතුවෙ...
දැන් අප දුරයි..,,!!!
මම තනිව නොදිව්වෙමි
ඔබ මා දිවෙව්වා නොවෙද...
Shanaka Amal Amal
පිව්තුරු ආදරේ
ඇයි ඔබ හැගිම් ගැන
හිතුවෙ...
දැන් අප දුරයි..,,!!!
මම තනිව නොදිව්වෙමි
ඔබ මා දිවෙව්වා නොවෙද...
Shanaka Amal Amal
ජනප්‍රිය බුදුදහම
දුටුවාද වෙසක් සඳ
දෙපළුව, දෙපාටකින්
ජනප්‍රිය බුදුදහම
සහ
ගෞතම බුදු දහම ලෙස
තරඟ වැදී????
Pushpa Ramlani
දෙපළුව, දෙපාටකින්
ජනප්‍රිය බුදුදහම
සහ
ගෞතම බුදු දහම ලෙස
තරඟ වැදී????
Pushpa Ramlani
- ස්වයන්වරය -
පැමිණේ සිතුවිලි
අචිරවතිය උතුරුවාන.
කඩාන යයි
එක එක බැමි
පොළොව සමතලා කරගෙන.
කිඹුල්වත් පුර
ශාක්‍යයන් මැද
මම තනි ගස !
දුන්න හීතලය
ඔසවා ගත නොහැකිය
කෙට්ටුය
මජන් කමිසයෙන් වැක්කෙරෙන අත.
ඉතින් ලොරි බොඩියක් පේන්ට් කර
ශිල්ප දක්වමි
නෑයන් ඉදිරිපිට !
රම්‍ය සුරම්‍ය සුබ
මට මේ ගරාජය
කාල තුනට වෙනසක් නැති.
හෙවන දෙන ඉටි රෙද්ද
සල් ගස්ය
දහවල ගිනිගන්න වෙලාවට.
සුදු ඇඳගෙන
බොරු නොකියමි
ස්වයන්වරය දින
'මට හිමි රටක් නැත
ඔබට බැඳි පෙම මිස !
Samitha B. Atuwabendela
අචිරවතිය උතුරුවාන.
කඩාන යයි
එක එක බැමි
පොළොව සමතලා කරගෙන.
කිඹුල්වත් පුර
ශාක්‍යයන් මැද
මම තනි ගස !
දුන්න හීතලය
ඔසවා ගත නොහැකිය
කෙට්ටුය
මජන් කමිසයෙන් වැක්කෙරෙන අත.
ඉතින් ලොරි බොඩියක් පේන්ට් කර
ශිල්ප දක්වමි
නෑයන් ඉදිරිපිට !
රම්‍ය සුරම්‍ය සුබ
මට මේ ගරාජය
කාල තුනට වෙනසක් නැති.
හෙවන දෙන ඉටි රෙද්ද
සල් ගස්ය
දහවල ගිනිගන්න වෙලාවට.
සුදු ඇඳගෙන
බොරු නොකියමි
ස්වයන්වරය දින
'මට හිමි රටක් නැත
ඔබට බැඳි පෙම මිස !
Samitha B. Atuwabendela
- තොරණ -
හිස වටා විදුලි තරු
මරගනන් සේ නටනකොට නොනැවතී
හරී වෙහෙසයි ආනන්ද.
පය පාමුල පින් කැටේ
සර්පයින් දරන ලා සිටියි ආනන්ද.
පිපාසයි ආනන්ද.
තෙහෙට්ටුයි ආනන්ද.
මතකද
මහා කළුගලක් පෙරළුවා වුව
බුදු හිමියන්
පිරිනිවන් පෑවේ නම් නැත.
ආනන්ද
මීට පෙර අසා තිබේද නුඹ
විදුලි සැර වැදී
පිරිනිවන් පෑ බුදු කෙනෙක් ගැන
Samitha B. Atuwabendela
මරගනන් සේ නටනකොට නොනැවතී
හරී වෙහෙසයි ආනන්ද.
පය පාමුල පින් කැටේ
සර්පයින් දරන ලා සිටියි ආනන්ද.
පිපාසයි ආනන්ද.
තෙහෙට්ටුයි ආනන්ද.
මතකද
මහා කළුගලක් පෙරළුවා වුව
බුදු හිමියන්
පිරිනිවන් පෑවේ නම් නැත.
ආනන්ද
මීට පෙර අසා තිබේද නුඹ
විදුලි සැර වැදී
පිරිනිවන් පෑ බුදු කෙනෙක් ගැන
Samitha B. Atuwabendela
සැහැල්ලුවක් නැති අපේ
අනේ බුදු හාමුදුරුවනේ
අපි පරාදයි .....
අර උඩ තියන
කොඩිය තරම්වත්
සැහැල්ලුවක්
නැති අපේ
ජීවිත .........
Chandana Ellewala
පොළොවේම පය තබනු !
ඔබ
ගිහියෙක් වුව
පැවිද්දෙක් වුව
ඇත්තම දකිනු !
සිහිනෙන් අවදි වෙනු !
පොළොවේම පය තබනු !
එවිට දැනෙනා
සැහැල්ලුව තරම් සුවයක්
මෙලොව කිසිම කවියක නොසොයනු !
ඇත්තට පුරුදු වුණ විට
දැනෙනා තරම් කවියක්, සුවයක්
තියෙන්නේ වෙන කොතන දැයි කියනු !
Samitha B. Atuwabendela
ගිහියෙක් වුව
පැවිද්දෙක් වුව
ඇත්තම දකිනු !
සිහිනෙන් අවදි වෙනු !
පොළොවේම පය තබනු !
එවිට දැනෙනා
සැහැල්ලුව තරම් සුවයක්
මෙලොව කිසිම කවියක නොසොයනු !
ඇත්තට පුරුදු වුණ විට
දැනෙනා තරම් කවියක්, සුවයක්
තියෙන්නේ වෙන කොතන දැයි කියනු !
Samitha B. Atuwabendela
ආසයි මම නුබේ සිතේ රැදෙන්න
නුබේ ලගින් ආදරයෙන්
හැමදාමත් හිදින්න
නොහැකි උනත් ආසයි මම
නුබේ සිතේ රැදෙන්න.........
වෙනෙකෙකු නුබෙ ලග තනිකම
මකනවා බෑ බලන්න
මගෙ සිතිවිලි නුබෙ තනිකම
මකනවාද කියන්න..........
ලගට වෙලා නොකැකි උනත්
මේ භවයෙදි සිටින්න
මතු භවයෙදි නුබ එනවද
මා එක්කල කියන්න...........
කල්ප චතුරංග එදිරිසිංහ
හැමදාමත් හිදින්න
නොහැකි උනත් ආසයි මම
නුබේ සිතේ රැදෙන්න.........
වෙනෙකෙකු නුබෙ ලග තනිකම
මකනවා බෑ බලන්න
මගෙ සිතිවිලි නුබෙ තනිකම
මකනවාද කියන්න..........
ලගට වෙලා නොකැකි උනත්
මේ භවයෙදි සිටින්න
මතු භවයෙදි නුබ එනවද
මා එක්කල කියන්න...........
කල්ප චතුරංග එදිරිසිංහ
සම්බුද්ධ ජයන්තිය
සිතන්නට සිතක් නැති
කූඩු ඇත ලෙලදෙමින්
මද සුළගෙ පහස ලැබ
රැළි සැලෙයි
සිලි හඩින්...
සසර බන්ධන නසා
ලැබූ උතුම් බුදු පදවි
තිලෝඅග සම්බුද්ධ
දහම ඇත වැනසෙමින්...
පිළිවෙතින් පෙළගැසී
සුදුවතින් සැරසිලා
කළු දුදන උපාසක
පන්සලට ඇවිල්ලා
හැමදාම සිල්ගන්න
උපාසක විසිවෙලා
බුදු දහමෙ රන් කිරුළ
දුදන හිස වැජඹෙනා...
පිරිත් පොත් පිටු අතර
මොනර කොළ හිරවෙලා
කසාවත බොහෝවිට
වැරදි අය පොරවලා
රටේ පොදු මාධ්‍යය
සෝවාන් ඵල ලබා
සම්බුද්ධ ජයන්තිය
මගුල් දිනයක් වෙලා...
Eranga Hemajith
කූඩු ඇත ලෙලදෙමින්
මද සුළගෙ පහස ලැබ
රැළි සැලෙයි
සිලි හඩින්...
සසර බන්ධන නසා
ලැබූ උතුම් බුදු පදවි
තිලෝඅග සම්බුද්ධ
දහම ඇත වැනසෙමින්...
පිළිවෙතින් පෙළගැසී
සුදුවතින් සැරසිලා
කළු දුදන උපාසක
පන්සලට ඇවිල්ලා
හැමදාම සිල්ගන්න
උපාසක විසිවෙලා
බුදු දහමෙ රන් කිරුළ
දුදන හිස වැජඹෙනා...
පිරිත් පොත් පිටු අතර
මොනර කොළ හිරවෙලා
කසාවත බොහෝවිට
වැරදි අය පොරවලා
රටේ පොදු මාධ්‍යය
සෝවාන් ඵල ලබා
සම්බුද්ධ ජයන්තිය
මගුල් දිනයක් වෙලා...
Eranga Hemajith
දෑත් අල්ලන් යමු එකඟව
ඔබ ඔබේ ගමන යන්න
මම මගේ ගමන යන්නම්...
කොතනකදී හෝ අපට
අපේ ගමන යා හැකි නම්
දෑත් අල්ලන් යමු එකඟව
එතෙක් ඔබ යන්න...
මමත් යන්නම්.......
මේඝ මානසී
මම මගේ ගමන යන්නම්...
කොතනකදී හෝ අපට
අපේ ගමන යා හැකි නම්
දෑත් අල්ලන් යමු එකඟව
එතෙක් ඔබ යන්න...
මමත් යන්නම්.......
මේඝ මානසී
ඉරිසියාකාර අහස
එකින් එක
බිම වැටෙයි
ඇහැළ මල්
මවයි
සුන්දර දසුනක්
ආසයි ඇවිදින්න
ඇහැළ මල් බුමුතුරුණ මත
පියනගා හිමි හිමින්...
ඒත්..
ඉරිසියාකාර අහස
දොඹ සයිස් වැහි බිංදු
වැට්ටුවේ
ඇහැළ මල් පාපිස්ස උඩ
දැන් ඉතිං
චොර චොර මඩ එක්ක
මොන මල් බුමුතුරුණුද
ඊයා..
Sisira Kumara
බිම වැටෙයි
ඇහැළ මල්
මවයි
සුන්දර දසුනක්
ආසයි ඇවිදින්න
ඇහැළ මල් බුමුතුරුණ මත
පියනගා හිමි හිමින්...
ඒත්..
ඉරිසියාකාර අහස
දොඹ සයිස් වැහි බිංදු
වැට්ටුවේ
ඇහැළ මල් පාපිස්ස උඩ
දැන් ඉතිං
චොර චොර මඩ එක්ක
මොන මල් බුමුතුරුණුද
ඊයා..
Sisira Kumara
රස විඳින්නට ඉඩක්
ගෙවෙන තරමට තවත් අලුත් වන
අලුත් වන තරමට ම රස පිරෙන
පිරෙන තරමට හිතෙන් තලු මරන
තලු මරනවා විනා
රස විඳින්නට ඉඩක් නොම ලැබෙන
අනාගත සැළසුම්කරණයකි නො නවතින
Sisira Kumara
අලුත් වන තරමට ම රස පිරෙන
පිරෙන තරමට හිතෙන් තලු මරන
තලු මරනවා විනා
රස විඳින්නට ඉඩක් නොම ලැබෙන
අනාගත සැළසුම්කරණයකි නො නවතින
Sisira Kumara
හැඩ කරන්නට දඬුවම් කළෙමි.
වීරයෙකුගේ
මිටමෙලවූ ශක්තිමත් අතක් බඳු
පොල් ලීය
වහලෙට අත තබාගෙන
සෙවන ඔසවාගෙන.
දිදී පොල් ගෙඩි
ගේ ළඟ හැදුණු වැඩුණු
කප්රුක මරා
ඔබ පැහැර ගතිමි.
සැර වෑයෙන්
ඔබේ ඇඟමස රැහැ රැහැ
හැඩ කරන්නට දඬුවම් කළෙමි.
එහෙත් අමනාප නොවී
ගෙදර කිසිවෙකු සමග
සදා වහලය ඔසවනා ඔබ
කියන් කවර උතුමෙක්ද
Samitha B. Atuwabendela
මිටමෙලවූ ශක්තිමත් අතක් බඳු
පොල් ලීය
වහලෙට අත තබාගෙන
සෙවන ඔසවාගෙන.
දිදී පොල් ගෙඩි
ගේ ළඟ හැදුණු වැඩුණු
කප්රුක මරා
ඔබ පැහැර ගතිමි.
සැර වෑයෙන්
ඔබේ ඇඟමස රැහැ රැහැ
හැඩ කරන්නට දඬුවම් කළෙමි.
එහෙත් අමනාප නොවී
ගෙදර කිසිවෙකු සමග
සදා වහලය ඔසවනා ඔබ
කියන් කවර උතුමෙක්ද
Samitha B. Atuwabendela
ආයාචනා
ජීවිතයේ සර්තස බව
අභියස හිද පහදන්නට
සිත් පොඩිවුනු ගං ඉවුරේ
වන මල් සුවදට හමන්න
මාල වළලු පොඩි එවුන්ට
සද මඩලින් රැගෙන එන්න
වරා මලට රහස් කියා
වියත් සරිය සපත වන්න
හිරැට කලින් අවදි වෙලා
සත හට පෙර මං කියන්න
පෙරැම් දමින් ඔද වැටිලා
කෙදිනද බිම එලිය වන්නේ
Pkd Premathilake
අභියස හිද පහදන්නට
සිත් පොඩිවුනු ගං ඉවුරේ
වන මල් සුවදට හමන්න
මාල වළලු පොඩි එවුන්ට
සද මඩලින් රැගෙන එන්න
වරා මලට රහස් කියා
වියත් සරිය සපත වන්න
හිරැට කලින් අවදි වෙලා
සත හට පෙර මං කියන්න
පෙරැම් දමින් ඔද වැටිලා
කෙදිනද බිම එලිය වන්නේ
Pkd Premathilake
Subscribe to:
Posts (Atom)